The Lord Buddha Words

Category archive

ධර්ම භවන

ධර්ම භවන

සම්මා සම්බුද්ධත්වය ලැබීමේ දී පහළ වූ පෙර නො ඇසූ විරූ ඥානය

in ධර්ම භවන by
10168081_691629230886495_5661562193376422752_n

අපේ ගෞතම බුදුරජාණන් වහන්සේ එදා දීපංකර බුදුරජාණන්වහන්සේගේ ශ්‍රී පාද මූලයේ වැඳවැටිල සතර පද ගාථාවක්‌ අහල නිවන දකින්න තිබුණු අවස්‌ථාව අතහැරල දාල මේ සංසාර සාගරයට පිවිසුණේ ඔබ අප හැම දෙනා කෙරෙහි තිබුණු මහා කරුණාව නිසා. එදා පටන් ඒ මහ බෝසතාණන් වහන්සේ යම් දුකක්‌, වෙහෙසක්‌ ගත්ත නම් ඒ දුක ඒ වෙහෙස ගත්තෙ අපි හැම දෙනා ම සසර දුකින් එතෙර කරවන්න.

මහා සීහනාද සූත්‍රය වගේ සූත්‍රයක්‌ අරගෙන බලනකොට අපිට දකින්නට තියෙනව මහ බෝසාණන් වහන්සෙ මේ ජීවිතේ දි ම මොන තරම් දුකක්‌ මොන තරම් වෙහෙසක්‌ ගත්ත ද සම්මා සම්බුද්ධත්වය සඳහා කියල. ඒ සමාදන් වුණ ව්‍රත සමාදාන, ගත කරපු දුෂ්කර දිවි පැවැත්ම ගැන මහ බෝසතාණන් වහන්සේ ඒ සූත්‍රය තුළ වඩාත් විස්‌තර කරනවා.

මහ විශාල වනාන්තරවල කාත් කවුරුවත් නැතුව ගත කරපු හැටි, කන්නට බොන්නට වෙන කිසි ආහාරයක්‌ හොයාගන්න නැතුව ගොම අනුභව කරල ජීවත් වුණ හැටි මහ සීතලේ සීතලට ඔරොත්තු දෙන ඇඳුමක්‌ නැතුව හිටපු හැටි, ඒ වගේ ම එක කැලේක ඉන්නකොට යම් කිසි දවසක මනුස්‌සයෙක්‌ දැක්‌කොත් මනුස්‌සයෙක්‌ නො පෙනෙන තරම් දුරකට තවත් කැලේකට ගිහිල්ල ආපහු කාලයක්‌ ජීවත් වෙනවා. එතනදිත් මනුස්‌සයෙක්‌ දැක්‌කොත් මනුස්‌සයො ඇස නො ගැටෙන ප්‍රදේශ දක්‌වා ම ගමන් කරනව. Keep Reading

සොඳුරු බව විඳිමින් යථාව අවබෝධ කර ගනිමු

in ධර්ම භවන by
namobuddha

අපට ශරීරය පමණක් නොවෙයි ,සිතත් සමඟ ජීවිතයක්ද, තිබෙන බව ප්‍රකාශ කරන නිසා ශරීරය පිළිබඳව අප තුළ පවතින මෙම සිතිවිල්ල නැතහොත් ශරීරය පමණක් නොවෙයි අපට ජීවිතයකුත් තිබිය යුතු බවට අවධාරණය වන නිසා ශරීරය පිළිබඳව අප සිතිය යුතු නැද්ද? යන ප්‍රශ්නය පෙරලා නැගෙනවා වෙන්න පුළුවන්. වර්තමාන සමාජය තුළ අප ගනු ලබන ආහාර පාන සමඟ බලන විට අවුරුදු සියයක් ජීවත් වනවා කියා කිව නොහැකියි. සාමාන්‍යයෙන් වර්තමානය තුළ ජීවත් වන ලාංකිකයා අවුරුදු හැටපහක්, හැත්තැපහක් පමණ කාලයක් ජීවත් විය හැකි බවට අනුමාන කළ හැකියි. අවුරුදු සියය ඉක්මවීමත් වාසනාවක්.

බැංකු පොතේ ශේෂය ගණනය කර බලන්නා සේ වර්තමානය තුළ ජීවත් වන වයස ගණනය කර බැලුවහොත් වයස අවුරුදු පනහක් ජීවත් වී ඇත්නම්, තවදුරටත් ජීවත් වීමට ඉතිරිව ඇත්තේ අවුරුදු විස්සක ප්‍රමාණයක් විය හැකියි. වයස හැට නම්.තව දහයක් ඉතිරි වීය හැකියි. වයස හැට පහ නමි ,තව අවුරුදු පහක් ජීවත්වීම සඳහා ඉතිරිව පවතියි. පැහැදිළි ලෙසම අතහැරදා යුතුමයි.මට එහෙම වෙන්න බැහැ, මම එහෙම වෙන්නේ නැහැ යනුවෙන් අපට රැඳීසිටීෙමි හැකියාවක් නැහැ. එය වෙන්නේම නැති නොවිය හැකි අවස්ථාවක්.අතහැර දමා යායුතු දිනය එන තෙක් ගමන් කරනවා. අප යන්නම සිටිනවා නමි, තිබෙන්නේම නැති වෙන්න නම්, එක්කාසු කරන සැම දෙයක්ම තිබෙන්නේම දමා යාමට නම්,ශරීරයෙන් සහ සිතෙන් කළ යුතු කාරණා දෙකක් තිබෙනවා. Keep Reading

Go to Top