The Lord Buddha Words

Category archive

මෙත්මග

මෙත්මග

ධර්මතාව සැබැවින් දුටු තැන, ඔබ වටිනාකම හිස්‌කරනු ඇත

in මෙත්මග by
10174964_694423130607105_8477155101893193727_n

පිංවත් ඔබට මහේශාක්‍ය ජීවිතයක්‌, උසස්‌ අධ්‍යාපනයක්‌, උසස්‌ වෘත්තියක්‌, ලැබුණා නම් එය අතීත කුසල් සංස්‌කාරයක ඵලයක්‌. එයත් ධර්මතාවක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. භවයේ දෙවියෙක්‌, මනුෂ්‍යයෙක්‌, බ්‍රහ්මයෙක්‌, පසුව සතර අපායේ සත්වයෙක්‌ ලෙස ඉපදුණේ අතීත සංස්‌කාරයන්ට අදාළව උපාදාන පච්චයා භවය කියන ධර්මතාවන්ට අනුවයි. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයයි. සංස්‌කාර නිරෝධය නොකළ සෑම සත්වයෙක්‌ම මරණයෙන් පසුව නැවත ඉපදීම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාවත් අනිත්‍යයි. ලෝකෝත්තර ආර්ය අෂ්ටාංගික මාර්ගය පරිපූර්ණ කළ පිංවතුන් උතුම් සෝවාන්, සකෘදාගාමී, අනාගාමී, අරිහත් ඵලයන් සාක්‌ෂාත් කොට ගැනීම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාව අනිත්‍යයි. උතුම් චතුරාර්ය සත්‍යය අවබෝධකළ උත්තමයා පිරිනිවන්පෑම ධර්මතාවයක්‌. නමුත් ඒ ධර්මතාවය අනිත්‍යයි. අතීතයේ පිරිනිවී ගිය සාරිපුත්ත මහරහතන්වහන්සේ කියන්නේ මේ මොහොතේ අනිත්‍ය වූ ධර්මතාවයක්‌ පමණක්‌මයි. Keep Reading

Go to Top